Tu Jhoothi Main Makkaar (2023) Sinhala Subtitle

Tu Jhoothi Main Makkaar (2023) Sinhala Subtitle  




Tu Jhoothi, Main Maakkar 

කියන්නෙ හින්දි භාෂාමය චිත්‍රපටයක්. සිංහල තේරුම ගත්තම “තමුන් බොරු කාරියෙක්, මං කපටියෙක්” කියලා එන්නේ. ඇත්තටම ගොඩක් කාලෙකට පස්සෙ තමයි අපිට ශ්‍රද්ධව මෙහෙම මේ වගේ චරිතෙකින් ආයෙම බලාගන්න ලැබෙන්නේ. තියටර් දාපු කාලෙ ඉදලම ගොඩක් පොසිටිව් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණ මේ චිත්‍රපටිය ඉන්දියානු රුපියල් කෝටි 200 සීමාවද පසු කරා.


රොමෑන්ස්, කොමඩි ඝණයට වැටෙන මේ චිත්‍රපටයෙන් ආදර කථාවක් බලාගන්න පුළුවන්. මිකී කියන්නේ බිස්නස් කාරයෙක්.. පවුලෙන් උරුම උනු ව්‍යාපාර නිසා කොල්ලා ජොලියෙන් ආතල් එකේ ජීවත් වෙන්නේ. හැමදාම ඔහුට ෆ්‍රයිඩේ නයිට් වගේ තමයි. පොර පොරගෙම අමුතු බිස්නස් එකක් කරන් යනවා. ඒ තමයි සමහරු මංගල සේවය කරනවා වගේ මිකී කරන්නේ වෙන් වෙන්න ඕන අයව වෙන් කරවලා දෙන එක.


ඒ කියන්නෙ කෙනෙක් ඔහු ගාවට ආවොත් මගෙ පෙම්වතා/ පෙම්වතිය එක්ක වෙන් වෙන්න ඕන කිසිම මත භේදයකින් තොරව කියාගෙන, මිකී සැලැස්මක් හදලා ගානට වෙන් කරවලා දෙන එක තමයි කරන්නේ. ඒකත් එක එක පැකේජ් තියෙනවා මිකී ගාව. ඒවගේම හොර රහසෙ තමයි කොල්ලා මේ ව්‍යාපාරෙ කරන් යන්නේ.


දවසක් රෙස්ටුරන්ට් එකක ඩාන්ස් එකකදි තමයි මිකීට ටින්නිව හම්බවෙන්නේ… මිකී ටින්නිව දැක්ක වෙලේ ඉදලම සෙවල පෙරන්න ගන්නවා… කොහොමෙන් හරි සෙට් කරන් වෙඩින් එක ගන්න එහෙමත් පවුල් වලින් සියල්ලම සූදානම් කරනවා. ඔය අතරේ මිකීට පාරිභෝගිකයින්ගෙන් ඇමතුමක් එනවා.. ඉතිං මේ ඇමතුම නිසා මිකීගෙ ජීවිතේම වෙනස් වෙනවා.. මීකීගෙයි ටින්නිගෙයි ආදර කතාව වෙනස් වෙන්න ගන්නවා මේ ඇමතුමෙන් පස්සේ..


ඉතිං කවුද කෝල් කරේ? ඇයි මේ චිත්‍රපටයේ නම මෙහෙම දාලා තියෙන්නේ? කියලා දැනගන්න නම් බලන්න වෙනවා.ලස්සනම ලස්සන ගීත ගොඩක් තියෙනවා. සුපුරුදු පරිදි ඔක්කොම උපසිරැසි ගන්වලා ඇත්තේ.



HDRip – x264 – SD – 700MB

HDRip – x264 – 720p – 1.5GB

HQ HDRip – x264 – 1080p – 3.1GB


මේ චිත්‍ර‍පටියේ සිංහල උපසිරැසි මෙතනින් ලබාගන්න

Download “Tu Jhoothi Main Makkaar (2023) සිංහල උපසිරැසි”



Post a Comment

Previous Post Next Post