Hangouts Chat, Google Chat ලෙස වෙනස් කිරීමට Google සමාගම කටයුතු කරයි
2020 වර්ෂයේදී ප්‍රධාන Hangouts සේවාව නතර කර දමමින්, Hangouts Meet සහ Hangout Chats වෙත තම පරිශීලකයින් යොමු කරවීමට Google සමාගම තීරණය කළ බව අපි මීට පෙර ඔබව දැනුවත් කළා මතක ඇති.
Google Hangouts කියන්නේ Google සමාගමේ Google Talks පහසුකම් වෙනුවට අලුතින් හඳුන්වා දුන් communication platform එකක් වුවත්, Instant Messaging සේවා භාවිතා කරනු ලබන අය අතර මෙය එතරම් ජනප්‍රියත්වයට පත් වූ බවක් නම් පෙනෙන්නට තිබුණේ නැහැ.
බොහෝ වෙලාවට මෙය Android devices සමඟින් එකතු කර එවීමට Google සමාගම කටයුතු කරනු ලැබූ අතර වෙනත් Instant Messaging සේවාවන් වල නොමැති SMS සේවාව සමඟ ඇති කර තිබූ අන්තර්සම්බන්ධතාවය ඉතාමත් ජනප්‍රිය වූවා.
කොහොම නමුත් Viber, WhatsApp සහ Messenger වැනි සේවාවන් අතර තම ස්ථානය රැක ගැනීමට මේ Google Hangouts සේවාවට නොහැකි වූ අතර 2020 වර්ෂය වන විට දැනට පවතින Hangouts සේවාව නතර කර Hangout පරිශීලකයන් Hangout Chat සහ Hangout Meet යන සේවාවන් වෙත යොමු කිරීමට Google සමාගම කටයුතු සූදානම් කරන බව මේ වන විට දැනගන්නට ලැබෙනවා.
Google HangoutsGoogle Talks
Instant Messaging සේවා
මූලිකව 9to5google වෙබ් අඩවිය වාර්ථා කළ ආකාරයට මෙම Hangouts සේවාව සම්පූර්ණයෙන්ම නවත්වා දැමීමට Google සමාගම සූදානම් නොවන බවත්, ඒ වෙනුවට එම පරිශීලකයන් Hangouts Chat සහ Meet වන products වෙත යොමු කෙරෙනු ඇති බවත් Google සමාගම විසින් වාර්ථා කරනවා.
9to5google වෙබ් අඩවිය වාර්ථා කළ ආකාරයට
Tags:
Technology